මාතලේ පොලොස් මිලෙහි ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව පාරිභෝගිකයෝ කියා සිටිති.
රුපියල් තිහේ සිට හතළිහ වැනි මිලකට අලෙවි වූ පොලොස් ගෙඩියක් අද වන විට කිලෝවක් රුපියල් සියය දක්වා ඉහළ ගොස් ඇතැයි ඔවුහු පෙන්වා දෙති. පැවැති වර්ෂා තත්ත්වය හේතුවෙන් ඵලදාව අඩු වීම මෙන්ම ප්‍රවාහන වියදම් වැඩි වීම් ආදී කරුණු රැසක් හේතුවෙන් පොලොස් මිල වැඩි වී ඇතැයි වෙළෙන්දෝ කියා සිටිති. කෙසේ වෙතත් පොළොස් සඳහා ප්‍රසිද්ධියක් උසුලන මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක පිරිස් කියා සිටියේ දෛනිකව පොලොස් තොග වශයෙන් මිලට ගැනීමට පැමිණෙන වෙළෙඳුන් මේ වන විට වැඩි වී ඇති බවයි.
එහෙත් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදී මට සිය වගාවන්වල පොලොස් නොමැති බව ද ඔවුහු කියා සිටියහ.
නාඋල සමූහ