Home » අයිසීසී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා පැට් කමින්ස් ක්‍රීඩිකාව නැට් සිවර්

අයිසීසී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා පැට් කමින්ස් ක්‍රීඩිකාව නැට් සිවර්

by sachintha
January 26, 2024 1:05 am 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පසුගිය වසරේ ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් සඳහා පිරිනැමෙන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය සඳහා වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් නම් කළේය.

කමින්ස් තම කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් සහ පන්දුවෙන් විශිෂ්ට සේවාවක් කළ අතර, පසුගිය වසරේදී අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාව, අළු බඳුන ටෙස්ට් තරගාවලිය සහ අයිසීසී එක්දින ලෝක කුසලානය දිනා ගැනීම වැනි ප්‍රධාන තරගාවලීන්වලදී ඔහු කණ්ඩායම මෙහෙයවීය. ඔහු පසුගිය වසර තුළදී තරග 24ක් ක්‍රීඩා කරමින් ලකුණු 244ක් රැස් කර ඇති අතර, දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 59කි.

කමින්ස් සමඟින් මේ සම්මානය වෙනුවෙන් ඔහුගේ කණ්ඩායමේ සගයකු වන ට්‍රැවිස් හෙඩ් සහ ඉන්දියාවේ විරාට් කෝලි සහ රවීන්ද්‍ර ජඩේජා ද නිර්දේශ වී සිටියහ.

මේ අතර වසරේ අයිසීසී ක්‍රීඩිකාව ලෙස පිට පිට දෙවැනි වරටත් රේචල්

හෙයිහෝ ෆ්ලින්ට් සම්මානය හිමි කර ගැනීමට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා නැට් සිවර් බ්රන්ට් සමත් වූවාය. මේ සම්මානය සඳහා ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමඟ ඔස්ට්‍රේලියාවේ ඈෂ් ගාඩ්නර් සහ බෙත් මූනි ද නිර්දේශ අතර සිටියහ.

අයිසීසී ඊයේ නම් කළ සම්මාන අතරට වසරේ එක්දින ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ විරාට් කෝලිත් වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ උස්මාන් කවාජාත් සම්මානය පාත්‍ර වූහ.

කෝලි පසුගිය වසරේ එක්දින තරග 27දී ලකුණු 1377ක් රැස් කර ඇති අතර, කඩුල්ලක් දවාගෙන ඇති ඔහු උඩ පන්දු 12ක් රැක ගැනීමට සමත්ව තිබේ. පසුගිය වසර තුළ ටෙස්ට් තරග 13කට එක්ව ඇති කවාජා ලකුණු 1210ක් රැස් කරමින් දස්කම් පෙන්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT