Friday, May 16, 2025
Home » පාකිස්තාන දරුවන් මිලියන 26කට පාසල් අධ්‍යාපනය නෑ

පාකිස්තාන දරුවන් මිලියන 26කට පාසල් අධ්‍යාපනය නෑ

by sachintha
January 27, 2024 1:00 am 0 comment

පාකිස්තානයේ දරුවන්ගෙන් මිලියන 26.21ක් පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින බව එරට අධ්‍යාපන ආයතනයේ නව වාර්තාවකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් සේවයට අනුව මීට පෙර එම සංඛ්‍යාව මිලියන 22.02ක්ව තිබූ බව ද වාර්තා වේ.

දැඩි ආර්ථික හා දේශපාලනික අර්බුදයකට මැදි වී සිටින පාකිස්තානයේ පාසල් අධ්‍යාපනය බිඳ වැටීම ඉදිරියේදි එරට අනාගතයට දැඩි බලපෑමක් එල්ල වන කරුණක් වී ඇතැයි ද නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

පාකිස්තාන අධ්‍යාපන සංඛ්‍යාලේඛන ආයතනයේ 2021-22 වාර්තාව මඟින් එරට පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින දරුවන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් විමතිය දනවනසුලු කරුණු රැසක් හෙළි වී ඇති අතර, පාසල් යා යුතු වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 39% ක් දැනට පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටීම බරපතළ තත්ත්වයක් බව ද පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT