Home » මොනාලිසාට වැදුණු සුප් ප්‍රහාරය (වීඩියෝ)

මොනාලිසාට වැදුණු සුප් ප්‍රහාරය (වීඩියෝ)

by chanaka
January 28, 2024 7:51 pm 0 comment

ලෝකයේ වැඩිම අවදානයක් දිනාගත් චිත්‍රය ලෙස සැලකෙන මොනාලීසා සිතුවමට සුප් ප්‍රහාරයක් එල්ල වී ඇත.

ලොව වඩාත්ම ප්‍රසිද්ධ කලා කෘතිවලින් එකක් ලෙස සැලකෙන ලියනාඩෝ ඩාවින්චි විසින් 16 වැනි සියවසේ දී සිතුවම් කරන ලද මෙම චිත්‍රය ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

වෙඩි නොවදින වීදුරු ආවරණයකින් ආරක්ෂා කර ඇති මෙම සිතුවමට සුප් ප්‍රහාරය එල්ල කර ඇත්තේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විරෝධය පළකරන කාන්තාවන් දෙදෙනකු විසින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වීදුරු ආවරණය හේතුවෙන් සිතුවමට හානියක් සිදුවීමට ඉඩක් නැතැයි කෞතුකාගාර බලධාරීන් පවසා ඇත.

“ආහාර ප්‍රතිප්‍රහාරය” යනුවෙන් සඳහන් ටී ෂර්ට් පැළඳ සිටි කාන්තා විරෝධතාකරුවන් දෙදෙනෙකු සුප් දියරය විසි කරන අයුරු වීඩියෝවක දැක්වේ.

මෙම ප්‍රහාරය සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් සිතුවම ඉදිරිපිට සිටගෙන “වඩා වැදගත් වන්නේ කුමක්ද? කලාව හෝ සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර ආහාර සඳහා ඇති අයිතිය ද? අපේ ගොවීන් රැකියාවේදී මිය යනවා,” යනුවෙන් ද පවසා ඇත.

Riposte Alimentaire (Food Counterattack) නම් කණ්ඩායමක් මෙම ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT