සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටින ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ ධීවරයින් ආරක්ෂිතව මුදා ගැනීම සඳහා සෝමාලියානු නාවික හමුදාව සමග සාකච්ඡා කරමින් ඇතැයි කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.
කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වී කන්නනාදන් මහතා පැවසුවේ, ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති සේවයේ නිළධාරින් සමග එක්ව සෝමාලියාවේ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් අබ්දිවර්සමේ ඔස්මාන් මහතා සමග සමීපව කටයුතු කරමින් සිටින බවයි.
මේ අතර, සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගත් බහු දින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්නැයි බහරේනයේ පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම්දී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ ය. රටවල් 39 ක් සාමාජිකත්වය දරන බහරේනයේ ඒකාබද්ධ සමුද්‍රීය බලකාය, නාවික යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයකි.
දික්ඕවිට වරායෙන් පසුගිය 12 වැනිදා මුහුදු ගිය ලොරෙන්සෝ පුතා 4 නමැති යාත්‍රාව ෂේල්ස් රාජ්‍යය ආසන්න ජාත්‍යන්තර මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන ඇතැයි තොරතුරු වාර්තා විය. යාත්‍රාවේ සිටි ලාංකික ධිවරයින් ගණන 06කි.