Home » ගිය වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 14.94යි

ගිය වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 14.94යි

by chanaka
January 29, 2024 4:11 pm 0 comment

2023 වසරේ ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.94ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය සදහන් කරයි.

එසේම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 947.5 කි. එය පසුගිය වසරේ උපයාගත් ආදායම් ප්‍රමාණයට වඩා අමෙරිකානු ඩොලර් බිලියන 3.08කින් ඉහළ යාමකි.

වාර්තාවට අනුව, 2023 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 3,080.9 ක් වූ අතර, එය 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට වඩා 63.1% කින් වැඩි වූ අතර, 2023 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සමුච්චිත වෙළෙඳ භාණ්ඩ අපනයනය 9.54% කින් අඩු වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT