Home » ලොරේන්සෝ පුතා කොල්ලකරුවන්ගෙන් මුදාගනියි

ලොරේන්සෝ පුතා කොල්ලකරුවන්ගෙන් මුදාගනියි

by chanaka
January 29, 2024 4:20 pm 0 comment

“ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇතැයි සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් තහවුරු කළ බව ධීවර දෙපාර්තමේන්තුව සදහන් කරයි

සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් අරාබි මුහුදේ දී පැහැරගත් ධීවරයින් අද දහවල් සීසෙල්ස් මුදු තීරයට ඇතුළත් වීමේදී එරට වෙරළාරක්ෂක හමුදාව විසින් සොයා ගෙන ඇතැයි ධීවර අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

දැනට සීෂෙල්ස් රටේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරේ.

පසුගිය 12 වැනිදාදික්ඕවිට වරායෙන් මුහුදු ගිය “ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව ලාංකික ධීවරයින් 6 දෙනෙකු සමඟින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන තිබුණේ පසුගිය සෙනසුරාදාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT