Home » සබරගමුව සරසවියේ සිසුන් 06ක් අත්අඩංගුවට

සබරගමුව සරසවියේ සිසුන් 06ක් අත්අඩංගුවට

by chanaka
January 29, 2024 8:32 am 0 comment

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් පසුගිය 14වැනිදා පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සමනලවැව පොලිස් ස්ථානය විමර්ශනයක් සිදුකර නවක වදය ලබාදීම සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා භාෂා අධ්‍යයන පීඨයේ හතරවන වසරේ සිසුන් 06දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ( 28) මෙම සිසුන් හය දෙනා පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23,24,හා 25 වන වයස්වල අය වේ. ඔවුන් මොරවක, රුක්ගහවිල, අළුත්තරම, ඉමදූව හා කිතලව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT