306
මාවනැල්ල නගරයේ බස්නැවතුම් පොල පිටුපස තාවකාලිකව ඉදිකර ඇති පළතුරු හා සෙල්ලම්බඩු වෙළෙඳසැල් පෙළක ඊයේ (29)රාත්‍රියේ ගින්නක් හට ගත්තේ ය.
පොලිසිය සඳහන් කළේ, ගින්නෙන් වෙළෙඳසැල් 30කට ආසන්න ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවයි.
දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව මාවනැල්ල ප්‍රාදේශීය සභාවට අයත් ගිනි නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා තිබේ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.