Wednesday, May 7, 2025
Home » යුරෝපයේ ශ්‍රී ලංකා භික්ෂු සංගමයේ සැසිය අද

යුරෝපයේ ශ්‍රී ලංකා භික්ෂු සංගමයේ සැසිය අද

by sachintha
January 29, 2024 12:36 am 0 comment

ශ්‍රී ලංකාව සහ යුරෝපා රටවල් අතර ආගමික සහජීවනය වර්ධනය කරන යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ සැසිවාරය කොළඹ දී අද (29) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පස්වරු 2.00ට මෙය ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර, මේ සඳහා යුරෝපීය තානාපතිවරුන් සහ බෞද්ධ රටවල් නියෝජනය කරන තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතයි. යුරෝපයේ වැඩසිටින ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පසුගිය වසරේ මැයි මාසයේ ඔස්ට්‍රියාවේ වියානා නගරයේ දී මෙම Òයුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයÓ නිල වශයෙන් ආරම්භ කර තිබෙන අතර, මෙම සංවිධානයේ අරමුණු සහ පරමාර්ථ පිළිබඳවත්, ලෝක සාමය උදෙසා ථෙරවාදී භික්ෂූන් වහන්සේලාගේ වර්තමාන කාර්යභාරය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ සිටින යුරෝපීය තානාපතිවරුන් සහ බෞද්ධ රටවල් නියෝජනය කරන තානාපතිවරුන් දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ සභාපති විජයරාජපුර සීලවංශ නාහිමියෝ පවසති.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT