Home » වර්ධන විනිශ්චය රාමුවක් ප්‍රකාශ කළ පළමු ආසියානු රට ශ්‍රී ලංකාව -IMF කියයි
ආර්ථික වර්ධනයට-තිරසර සංවර්ධනයට

වර්ධන විනිශ්චය රාමුවක් ප්‍රකාශ කළ පළමු ආසියානු රට ශ්‍රී ලංකාව -IMF කියයි

by sachintha
January 29, 2024 12:37 am 0 comment

ආර්ථික අභියෝගවලට මුහුණ දීම සහ තිරසර සංවර්ධනයක් ඇතිකිරීම සඳහා සැලකිය යුතු පියවරක් වන වර්ධන විනිශ්චය රාමුව (Growth Diagnostic Framework – GDF) ප්‍රකාශයට පත්කළ පළමු ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් සකස් කරන ලද අදාළ රාමුව, ආර්ථික බාධාවන් ක්‍රමානුකූලව විශ්ලේෂණය කිරීමට හැකි විස්තීරණ මෙවලමක් බවද එම අරමුදල බාධක වඩාත් ඵලදායි ලෙස ඉවත් කර වර්ධනය උත්තේජනය කළ හැකි ප්‍රතිපත්තිවලට ප්‍රමුඛත්වය දීම සඳහා රජයට සහාය වීම වෙනුවෙන් එය සැලසුම්කර තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නීති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානී ජොයෙල් ටර්කෙවිට්ස් මහතා පවසයි. මේ වනවිට පවතින තත්ත්වය අභියෝග හඳුනා ගැනීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ අද්විතීය ආර්ථික පරිසරය සමඟ අනුගත වන පරිදි සකස් කළ උපාය මාර්ග සකස් කිරීමක් බව සඳහන් කරන ඒ මහතා ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිසරය තවදුරටත් යහපත් වනු ඇතැයි ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කර තිබේ. තීරණාත්මක ආර්ථික ගැටලු නිශ්චය කිරීම සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥතාව උපයෝගී කර ගැනීමේ දී ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ප්‍රවේශය මෙම සාකච්ඡාව මඟින් ආලෝකමත් වී තිබෙන අතර, ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රතිසංස්කරණ හා වර්ධනය සඳහා රටේ කැපවීම පිළිබඳව සුබවාදීව අදහස් පළකර ඇත.

වර්ධන විනිශ්චය රාමුව අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය ආර්ථික ගමන්මඟේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරන බව පෙන්වා දෙන ඒ මහතා එය වර්ධනයට ඇති බාධක හඳුනා ගැනීම සහ ඒවාට මුහුණ දීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ට මඟපෙන්වන පුළුල් මෙවලමක් බව ද කියා සිටී.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT