අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් එම ඝාතන සඳහා භාවිත කළ ගිනිඅවි සැඟවීමට රැගෙන ගිය බවට සැක කෙරෙන පුද්ගලයා 26 දා රත්ගම පොලිස් වසමේ දොඩන්දූව මාර්ගයේෙදී, හක්මන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඝාතනය පසුගිය 22 දා සිදු කිරීමෙන් අනතුරුව වෙඩික්කරුවන් විසින් ටී 56 ගිනි අවි දෙක 23දා දක්වා තිබි ඇත්තේ මෙයට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අකුරැස්ස බන්ගම ප්‍රදේශයේ පදිංචි සමන් කුමාර නමැති සැකකරුගේ නිවෙසේය. පසුව මෙම ඝාතනය ඩුබායි සිට මෙහෙයවූ බුස්සේ හර්ෂ නමැත්තා දුන් උපදෙස් අනුව අකුරුස්ස බන්ගම නිවෙසේ සිට එම ගිනි අවි දෙක යතුරුපැදියකින් ගෙන ගොස් කරාපිටියට ගෙන ගොස්දී තවත් අයකුට දී තිබේ.
මෙම ගිනි අවි දෙක ඩුබාසිට ඝාතනය මෙහෙයවූ බූස්සේ හර්ෂ නමැත්තාගේ උපදෙස් පරිදි සැඟවීමට රැගෙන යාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34ක්වූ රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට යොදා ගත් ටී 56වර්ගයේ ගිනි අවි දෙක මෙම සැකකරු විසින් මෙම අපරාධයේ ප්‍රධාන සැකකරුගෙන් ගෙන යතුරුපැදියකින් අකුරැස්ස ප්‍රදේශයේ සිට කරාපිටිය ප්‍රදේශයට ප්‍රවාහන කිරීම සම්බන්ධයෙන් එම ප්‍රවාහනය කළ යතුරුපැදිය සහ ජංගම දුරකථන 2ක්ද සැකකරු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බෙලිඅත්ත පොලිස් ස්ථානයට භාරදී තිබේ.
සැකකරු දින 7ක රැඳවුම් නියෝග ලබා ගෙන බෙලිඅත්ත පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
රක්ෂණ ශ්‍රියන්ත