217
තණමල්විල පොලිස් වසමේ ස්ථාන දෙකක සිදු කළ මෙහෙයුම්වල දී අක්කර භාගයක හා අක්කර කාලක සරුවට වගා කර තිබූ කංසා හේන් දෙකක තිබූ කංසා ගස් 7723ක් අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිස්ථානයේ නිලධාරීහු පිරිසක් පසුගියදා සමත් වූහ.
අත්අඩංගුවට ගත් කංසා වගාවන්වල තිබූ කංසා ගස් සියල්ල ගලවා ගිනි තබා විනාශ කිරීමට කටයුතු කළ අතර, මෙම මෙහෙයුම තණමල්විල පොලිස්ථානයේ උප පොලිස් පරීක්ෂක අමරසිරි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිදු කළහ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තණමල්විල පොලිසිය සිදු කරයි.
වැල්ලවාය විශේෂ – ජී.අයි.ආර්. ගරුසිංහ