Monday, May 12, 2025
Home » ගෝරියක් දුරදිග ගිහින් 18 තරුණයා එක්තැන් වෙලා
ඔළුවට වැදුණු ස්ටම්ප් පහරින් මතකයත් නැති වෙලා

ගෝරියක් දුරදිග ගිහින් 18 තරුණයා එක්තැන් වෙලා

by sachintha
January 29, 2024 1:53 am 0 comment

හික්කඩුව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි දහ අට හැවිරිදි වියේ පසුවන නවාංජන සඳකැළුම් නම් තරුණයා පසුගිය වසරේ පිරිසක් විසින් හිසට පහර දීම නිසා මේ වන විට රෝගාතුර වී සිටියි.

පහර දීම නිසා ඔහු කිසිවක් කරකියා ගත නොහැකි අයුරින් ඔත්පළව සිටියි. ඔහු මේ තත්ත්වයට පත්වූයේ පසුගිය වසරේ හික්කඩුවේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතු කොට ගෙනය. එක් පාර්ශ්වයක් නවාංජනගේ මිතුරන් විය. එම නිසා නවාංජනට මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දීමට සිදු විය. දැනට නවාංජනට කතා කිරීමට නොහැකි තත්ත්වයක් ඇති අතර, මේ වන විට මාස 03ක් තිස්සේ ඔහුට දියර ආහාර පමණක් නාසයෙන් දමා ඇති බට ඔස්සේ ලබා දෙයි. ඔහුගේ උගුරට ද බටයක් සවිකර ඇති අතර, එයින් ඔහු හුස්ම ගනියි.

ඔහුට ශල්‍යකර්මයක් කළත් යථා තත්ත්වයට පත් වීම පිළිබඳව ස්ථිර වශයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් පැවසූ බව ඔහුගේ මව පවසයි. නවාංජනට බෙහෙත් සඳහා මෙන්ම කිරිපිටි සඳහා ද විශාල වියදමක් දැරීමට සිදුවන බව නවාංජනගේ මව පවසන අතර, ප්‍රතිකාර සඳහා රැගෙන යාමට ද මුදල් වැය වෙන බවත් තමන්ගේ ඥාතීන් ඒ සඳහා උදව් කරන බවත් ඇය පැවසීය.

මෙම සිද්ධියේදී තම පුතාට සාධාරණයක් ඉටු නොවූ බවත් නවාංජනගේ මව පවසන අතර, මේ පිළිබඳව තමන්ට පිළිසරණක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.

කරන්දෙණිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT