කිසියම් අපරාධයක් සිදුකිරීමට වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු බෝර 12 ගිනි අවියක්, උණ්ඩ 06ක්, පිහියක් සමඟ තවලම නගරයේදී පෙරේදා (27) දහවල් අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය කියයි. මොවුන් ගමන් කළ වෑන් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර වෑන් රථය තුළ තිබි ඉලෙක්ට්‍රොනික් තරාදියක්, පොහොර බෑග් උර කිහිපයක්ද සොයාගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙළුව, වදුරඹ, කළුබෝවිටියන යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 52, 35, 44 යන වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
සැකකරුවන් ඊයේ (28) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. හිනිදුම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. ඒ. ජී. එන්. විජේතුංග, උප පොලිස් පරීක්ෂක අරුණ ගුණවර්ධන, පොලිස් සැරයන් 67992 ඩබ්ලිව්. ඩී. සිල්වා, පොලිස් කොස්තාපල් රියැදුරු 8079 ඉන්දික සම්පත් යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.
හිනිදුම රවින්ද්‍ර ලියනගේ
293
කලින් පුවත