Home » පොල්ගහවෙල ගොඩවෙල රිය අනතුරින් 5කට බරපතළ තුවාල

පොල්ගහවෙල ගොඩවෙල රිය අනතුරින් 5කට බරපතළ තුවාල

by sachintha
January 29, 2024 1:55 am 0 comment

 

පොල්ගහවෙල ගොඩවෙල ප්‍රදේශයේ දී ඊයේ (28) සවස 4.00 ට පමණ ත්‍රීකුණාමලය සිට නිට්ටඹුව බලා ගමන් ගත් ත්‍රිරෝද රථයක් සහ මාවනැල්ල ප්‍රදේශයේ සිට මාදම්පේ බලා ගමන් ගත් යකඩ පටවා ගත් ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයට බරපතළ හානි සිදු ව ඇත. ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු අනතුරින් බරපතළ තුවාල ලැබ පොල්ගහවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් 05 දෙනා වැඩි දුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොල්ගහවෙල පොලීසිය කියයි. ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිස ත්‍රීකුණාමලය ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව නැවත ත්‍රීකුණාමලයේ සිට නිටිටඹුව ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී මෙම අනතුර ට මුහුණ පා ඇත. ත්‍රිරෝද රථයේ රියැදුරු ට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි අනුමාන කරන පොලීසිය අනතුර සම්බන්ධයෙන් යකඩ පටවාගෙන ගමන් ගත් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඡී . පී . පී . ඉෂාන් මහතාගේ අධීක්ෂණය යටතේ නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අලව්ව ජයන්ත දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT