361
මහරගම මාදිවෙල සංස්කෘතික මධ්‍යස්ථානයට වසර 20ක් පිරීම නිමිත්තෙන්, ඉඩෝරය නිමා කොට කලාකෙත අස්වද්දන “අක් වැස්ස” සංස්කෘතික මංගල්‍යය ඉකුත්දා හිටපු අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු, හිටපු බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවප්‍රිය, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂී වල්පොල, සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී එච්. ජී. එච්. කේ. ජයරත්න සහ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක ඇතුළු කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. එහිදී මෙම සංස්කෘතික මධ්‍යස්ථානය වසර විස්සකට පෙර විවෘත කළ ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා ඇගැයීමේ සම්මානය කරුණාසේන කොඩීතුවක්කු මහතා ප්‍රදානය කරන අයුරු.
උදේනි චන්ද්‍රසිරි – මහරගම