Home » ජාතික නිදහස් දින උලෙ‍ෙළ් පෙරහුරු අද සිට

ජාතික නිදහස් දින උලෙ‍ෙළ් පෙරහුරු අද සිට

by sachintha
January 30, 2024 1:22 am 0 comment

“හදමු අලුත් රටක්“ තේමා පාඨය යටතේ 76 වැනි ජාතික නිදහස් සැමරුම් උලෙළ අභිමානවත්ව පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සියලු කටයුතු මේ වන විට සුදානම් කර තිබේ. ඒ අනුව අද සිට ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු ආරම්භ වන අතර පෙරහුරු පැවැත්වෙන දිනයන්හී කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැසුමක් ද ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව පෙරහුරු පැවැත්වෙන දිනවල පෙරවරු 6 සිට දහවල් 12 දක්වා සහ නිදහස් සැමරුම වෙනුවෙන් 03 වනදා පස්වරු 2 සිට 04 වනදා නිදහස් සැමරුම අවසන් වනතුරුත් මෙම රථවාහන සැලසුම ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කරයි.

මෙවර නිදහස් උලෙළ ශ්‍රී ලාංකේය දේශයේ ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩතාව, උස් නිදහස උදෙසා ඇස් ඉස් මස් ලේ දන්දුන් විරෝදාර රණවිරුවන්ගේ පෙළපාළියකින් සමන්විතව පෙබරවාරි 04 වෙනිදා උදෑසන 8.00 සිට කොළඹ 01, ගාලු මුවදොර පිටියේ දී මහත් අභිමානයෙන් යුතුව පැවැත්වීමට කටයුතු කරමින් පවතින බව අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙනුවෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කරයි.

මෙවර ජාතික නිදහස් උළෙලට සහභාගී වීම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශේතා තාවිසින් (Srettha Thavisin ) මහතා පෙ.බ. 03 වෙනිදා මෙරටට පැමිණීමට නියමිතය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT