Tuesday, May 13, 2025
Home » සැමියා හොඳම නළුවා වෙද්දී බිරිය හොඳම නිළිය වෙයි
ෆිල්ම් ෆෙයාර් වාර්ෂික සම්මාන උලෙළේදී

සැමියා හොඳම නළුවා වෙද්දී බිරිය හොඳම නිළිය වෙයි

by sachintha
January 30, 2024 1:47 am 0 comment

බොලිවුඩ් සිනමාවේ සම්මාන මංගල්‍යයය වන ‘ෆිල්ම් ෆෙයාර්‘ මෙවර සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානයට පාත්‍ර වෙද්දී ඔහුගේ බිරිය ආලියා භාත් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තාය. පසුගිය වසරේ බොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතමයන් ඇගැයීමට ලක් කෙරෙන වාර්ෂික ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළ මෙවර ගුජරාට් ප්‍රාන්තයේදී පෙරේදා රාත්‍රී පැවැත්විණි.

‘ඇනිමල්‘ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් වසරේ හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානය දිනා ගනු ලැබූ අතර, ආලියා භාත් හොඳම නිළියගේ සම්මානය දිනා ගනු ලැබුවේ ‘රොකී ඕර් රානි කී කහානි‘ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි.

මෙවර සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය ලෙස ‘12th Fail‘ තේරී ඇති අතර, හොඳම සහාය නළුවා ලෙස විකී කෞෂාල් සහ හොඳම සහාය නිළිය ලෙස ශබානා ආස්මි සම්මාන දිනා ගත්හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT