Home » ටින් අංකය ලබාදීමේ වැඩපිළිවෙළ අඩාළ වී නෑ: අවහිරතා වැළැක්වීමට පියවර ගනිමින් සිටිනවා

ටින් අංකය ලබාදීමේ වැඩපිළිවෙළ අඩාළ වී නෑ: අවහිරතා වැළැක්වීමට පියවර ගනිමින් සිටිනවා

-මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය

by sachintha
January 30, 2024 1:07 am 0 comment

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාදීමේ වැඩපිළිවෙළ අඩාළ වීමක් සිදු වී නැතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

ටින් අංකය ලබාදීම අඩාළ වී නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඇති අවහිරතා වළක්වා අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගනිමින් සිටිනවායැයි සියඹලාපිටිය මහතා පැවසීය.

ටින් අංකය ලබාදීම අඩාළ වී හෝ නතර වී නැති බවත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඇති අවහිරතා සහ වළක්වා අවශ්‍ය පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඔහු කීය.

ටින් අංකය ලබාදීම අඩාළ වී ඇති බවට මාධ්‍යයේ පළ වන වාර්තා සම්බන්ධයෙන් දිනමිණ අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා එසේ කීය.

එහිදී අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවසීය.රජයේ අපේක්ෂාව වක්‍ර බදු ප්‍රමාණය හැකිතාක් අඩුකර සෘජු බදු ප්‍රමාණය ඉහළ නැංවීමයි. එහෙත් රටේ පුරවැසියන් ප්‍රමාණය අනුව දැනට පවතින බදු ලිපිගොනු ගණන ප්‍රමාණවත් නොවන බව සඳහන් කළ සියඹලාපිටිය මහතා පසුගිය වසරේදී විවිධ ආදායම් උපයන බවට හඳුනාගත් සමාජ කණ්ඩායම් 14ක් සඳහා අලුතින් බදු ලිපිගොනු විවෘත කිරීමට පියවර ගත් බව පැවසීය.

එසේම මේ වසරේ සිට අවුරුදු 18ට වැඩි සියලු පුරවරසියන්ට ටින් අංකයක් ලබාදීමට පියවර ගත්තද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු , උපකරණ ආදිය ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු කීපයක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

නමුත් පසුගිය සතියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති දීර්ඝ සමාලෝචන රැස්වීමකදී මේ ගැටලුවලට විසඳුම් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පිරිස් බඳවා ගැනීමට අවසර ලබාදීම, සාධාරණ ගෙවීම් යටතේ විශ්ව විද්‍යාලයෙන් පිටවන උපාධිධාරීන්, පුහුණු වන්නන් ලෙස බඳවා ගැනීම ඇතුළු විසඳුම් රාශියක් ලබාදීමට පියවර ගත් බවත්, ඒ අනුව බදු ලියාපදිංචිය හෝ ඒ සම්බන්ධ කිසිදු කටයුත්තක් අඩාළ වීමට ඉඩ තබා නැති බවත් අවධාරණය කළේය.

 

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT