Tuesday, May 13, 2025
Home » වැලි අදින මුවාවෙන් ටිපර් රියෙන් ගංජා ඇදලා

වැලි අදින මුවාවෙන් ටිපර් රියෙන් ගංජා ඇදලා

by sachintha
January 30, 2024 1:49 am 0 comment

ලක්ෂ හතළිහක ගංජා සමඟ අයෙක් මාට්ටු

 

වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් ටිපර් රථයකින් රුපියල් ලක්ෂ හතළිහක් පමණ වටිනා ගංජා කිලෝ 123ක් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු පැල්මඬුල්ල, සන්නස්ගම ප්‍රදේශයේ දී පැල්මඬුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම ගංජා කිලෝවක වටිනාකම රුපියල් තිස්පන්දහස ඉක්මවන බව පොලිසිය පැවසීය. මේ දිනවල සිදු කෙරෙන යුක්තිය මෙ‍ෙහයුම නිසා ගංජා වැටලීම් හේතුවෙන් ගංජා දුලභ වීමෙන් වටිනාකම තවත් වැඩිවී තිබේ. පෙරේදා (29) උදැසන රථවාහන නිලධාරීන් දෙදෙනෙකුට ඇති වූ සැකයක් මත ටිපර් රථය පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සහ ඒවා ප්‍රවාහනය කරමින් සිටි රියැදුරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. මෙම ගංජා තොගය ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී වෑන් රථයකින් තමන්ට ලබා දුන් බවත් ඇහැලියගොඩ ප්‍රදේශයේ මෝදක ගුලි නිෂ්පාදන ආයතනයකට ප්‍රවාහනය කරමින් සිටි බවත් සැකකාර රියැදුරු පොලිසියට ප්‍රකාශ කර තිබේ. ඇඹිලිපිටිය, සෙවනගල ආදි ප්‍රදේශවල සිට වැලි ප්‍රවාහනය කරන ලොරි සහ ටිපර් රථවලින් ගංජා ප්‍රවාහනය කරන බවට ලද තොරතුරු මීට ඉහත දී පොලිසියට ලැබී තිබුණු බැවින් මෙය පරීක්ෂා කළ බව ද පැල්මඬුල්ල පොලිසිය පැවසීය. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස සහ සහකාර පොලිස් අධිකාරී අජිත් කුමාර පින්නදූව මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් පරීක්ෂණ සිදු කෙරේ. පැල්මඬුල්ල වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශ්‍රිනික ගමගේ මහතාගේ උපදෙස් අනුව පොලිස් සැරයන් (13861) සුරංග සහ (35306) රත්නායක යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පැල්මඬුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කහවත්ත – නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT