පොලොන්නරුව, ඓතිහාසික කන්දේගම ධනංජය රජමහා විහාරයේ පිහිටා ඇති වසර එක්දහස් පන්සියයකට වඩා පැරණි සැතපෙන බුදු පිළිම වහන්සේගේ නේත්‍රා තැබීමේ පුණ්‍යෝත්සවය හෙට (31) පෙරවරුවේදී සිදු කිරීමට නියමිතය.
මෙම ප්‍රතිමා වහන්සේ මීට වර්ෂ හතළිහකට පමණ ඉහතදී නිධන් හොරුන්ගේ සාහසික ක්‍රියා හේතුවෙන් විනාශ වී තිබුණි. වර්තමාන විහාරාධිපති, ආචාර්ය කන්දේගම දීපවංසාලංකාර හිමිපාණන් වහන්සේගේ මඟපෙන්වීමෙන්, බෞද්ධ දානපති මහත්මයකුගේ මූලික අනුග්‍රහයෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහෙයවීමෙන් මෙම පිළිම වහන්සේ ප්‍රතිසංස්කරණය කොට ඇත.
එම ප්‍රතිමා වහන්සේ මහජන වන්දනාව සඳහා විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනවාරි 31 වැනිදා මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සහ බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.
සිරිපුර – මදුශානි අබේසිංහ