Monday, May 20, 2024
Home » කැනඩාවේ ශ්‍රී ලාංකිකයන් අරඹා ඇති සමාජ සහයෝගිතාව කැනඩාවේ වෙනත් නගරවලටත්

කැනඩාවේ ශ්‍රී ලාංකිකයන් අරඹා ඇති සමාජ සහයෝගිතාව කැනඩාවේ වෙනත් නගරවලටත්

by sachintha
January 31, 2024 1:00 am 0 comment

කැනඩාවේ ‘Lankan Square’ වෙබ් අඩවියේ සම නිර්මාතෘ

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් දැනටමත් අරඹා ඇති සමාජ සහයෝගිතා කටයුතු කැනඩාවේ වෙනත් නගර කරා ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින බව, කැනඩාවේ ‘Lankan Square’ වෙබ් අඩවියේ සම නිර්මාතෘ චානුක විජේසුන්දර මහතා පවසයි.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ යහපත උදෙසා මීට වසර දෙකකට පමණ පෙර අරඹන ලද ‘Lankan Square’ වෙබ් අඩවියේ අරමුණ වන්නේ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ යහ පැවැත්ම උදෙසා ව්‍යාපාරික සහ සේවා තොරතුරු එක් රැස් කර හුවමාරු කර ගැනීමය.

‘Lankan Square’ වෙබ් අඩවියේ විපුල ප්‍රයෝජන දැන හඳුනා ගත් කැනඩාවේ වෙනත් නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැන් මේ වෙබ් අඩවිය වටා එක් රැස් වෙමින් සිය ජීවන කටයුතු සඳහා සියලු සේවා පුළුල් කරන ලෙස ඉල්ලා සිටින බව වෙබ් අඩවියේ සම නිර්මාතෘ චානුක විජේසුන්දර මහතා පවසයි.

‘Lankan Square’ වෙබ් අඩවියේ කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීමට වෙබ් අඩවියේ නිර්මාතෘවරුන් වන චානුක විජේසුන්දර සහ කමාජ් සිල්වා මහත්වරු කැනඩාවේ ප්‍රචලිත ‘Canada කොල්ලො’ Facebook පිටුව සහ ‘slshop.ca’ වෙබ් අඩවියේ සහාය ද යොදා ගැනේ.

සමාජ සහයෝගිතා කටයුතු Lankan Square වෙබ් අඩවිය හරහා ඔන්ටාරියෝ නගරය මුල් කරගෙන ඇරඹි අතර දැනටමත් අරඹා ඇති ආර්ථික, සංස්කෘතික අධ්‍යාපනික සහ විනෝදාත්මක කටයුතු පෙරටත් වඩා ගුණාත්මක බවින් යුක්තව කැනඩාවේ අනෙකුත් නගර කරා ව්‍යාප්ත කරමින් සිටින බව චානුක විජේසුන්දර මහතා පවසයි.

කැනඩාවේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම මත Vancouver (වැන්කුවර්) නගරය සහ සෙසු නගර කරා ව්‍යාප්ත කිරීමට Lankan Square වෙබ් අඩවියේ ආරම්භක නිර්මාතෘවරු දැනටමත් කටයුතු කරමින් සිටිති.

ශ්‍රී ලාංකිකයන්ගේ සාමූහිකත්වය වැඩිදියුණු වන අන්දමින් ව්‍යාපාර, ආගමික වැඩසටහන්, සංගීත සංදර්ශන, උත්සව, සම්මන්ත්‍රණ හා වැඩමුළු මේ යටතේ ගුණාත්මක බවින් යුක්තව පුළුල් කරන බව විජේසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT