Monday, May 5, 2025
Home »  19 වැනි සියවසේ බෝට්ටුවක සුන්බුන් කැනඩා වෙරළ තීරයට

 19 වැනි සියවසේ බෝට්ටුවක සුන්බුන් කැනඩා වෙරළ තීරයට

by sachintha
February 1, 2024 1:28 am 0 comment

දහනවවැනි සියවසට අයත් බවට විශ්වාස කළ හැකි බෝට්ටුවක සුන්බුන් කැනඩාවේ නිව්ෆවුන්ලන්ඩ් වෙරළට ගොඩ ගසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම සුන්බුන් අතර ඇති අඩි 80ක් දිග බෝට්ටු බඳෙහි කොටසක් ද එම සුන්බුන් අතර ඇතැයි වාර්තා වේ. පසුගිය කාලයේ කැනඩාව පුරා හමා ගිය ෆියෝනා සුළි කුණාටුවෙන් එම සුන්බුන් ගැඹුරු මුහුදු පතුලෙන් ගසාගෙන පැමිණි බවට අනුමාන කර ඇති අතර, එහි කොටස් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

එය යුරෝපා රටක නිෂ්පාදිත බෝට්ටුවක් විය හැකි බව නැව් සංරක්ෂණ සංගම් ප්‍රධානියකු ප්‍රකාශ කර ඇති අතර, සුන්බුන් තක්සේරු කර සංරක්ෂණය කිරීම සඳහා පළාත් පාලන කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT