– ඇත්ත මෙන්න
පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා කෑගල්ල දේවාලේගමදී පැවැති රැස්වීමකදී කරන ලද ප්‍රකාශයක් අප එම ප්‍රවෘත්තිය සකස් කිරීමට පදනම් කර ගනු ලැබූ අතර, එම ප්‍රකාශය මෙම කිව්ආර්. කේතය මඟින් නැරඹිය හැකිය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා විසින් කළ ප්‍රකාශයක් පදනම් කරගෙන “සීසන් අවලංගු කළොත් දුම්රියට – ලංගමට ලාභ ලැබිය හැකියි“ යන සිරස්තලයෙන් ඊයේ (31) අප පුවත්පතේ මුල් පිටුවේ පළ වූ ප්‍රවෘත්තිය සාවද්‍ය බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසයි.
එම පක්ෂයේ මාධ්‍ය ඒකකයේ චන්දන සිරිමල්වත්ත මහතාගේ අත්සනින් යුතුව ලිපියක් මඟින් අප වෙත ඒ බව දන්වා ඇත්තේ දුමින්ද නාගමුව සහෝදරයා කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු කර නැති බව අවධාරණය කරමිනි. එම ප්‍රකාශය පක්ෂයේ මතය නොවන බවත් එහි දක්වා ඇත.
එම ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍ය බවද එහි දක්වා ඇති අතර එම පුවත සම්බන්ධයෙන් කනගාටුව පළ කිරීමක් කරන ලෙස ද ඉල්ලා ඇත්තේ අදාළ ප්‍රවෘත්තිය පළ කිරීම සම්බන්ධයෙන් මූලාශ්‍රයක් පවා නැති බව සඳහන් කරමිනි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ඒකකය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ සිය පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ දැයි නිශ්චිත සොයා බැලීමකින් පසුවදැයි ඇත්තේ ගැටලුවකි.
දුමින්ද නාගමුව මහතා කෑගල්ල දේවාලේගමදී පසුගිය 29 වැනිදා මෙම ප්‍රකාශය සිදු කළ බව වගකීමකින් ප්‍රකාශ කරන අතර එම ප්‍රකාශය මේ සමඟ ඇති කිව් ආර්. කේතය මඟින් පාඨකයන්ට නැරඹීමට හැකියාව ඇත.