Friday, May 16, 2025
Home » කැලෑ උසාවියක් තියලා මට වළ කැපූ අයෙක් සජබට ගැනීම ප්‍රශ්නයක්

කැලෑ උසාවියක් තියලා මට වළ කැපූ අයෙක් සජබට ගැනීම ප්‍රශ්නයක්

by sachintha
February 1, 2024 1:29 am 0 comment

2010 ජනාධිපතිවරණයෙන් පසු තමාව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කැලෑ උසාවියක් පැවැත් වූ පුද්ගලයකු තමන් සිටිනා තැනකට භාර ගැනීම ප්‍රශ්නයක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

“මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කෝල් එකක් දීලා මේ කියන ටික කිව්වා. එයා තමයි 2010 මම අත්අඩංගුවට ගත්තාම මාව නාවික හමුදාවේ හිර කරලා තියෙන කොට මට විරුද්ධව චෝදනා පත්‍ර නඟන්න අවශ්‍ය සාක්ෂි සම්පිණ්ඩනය කළේ. ඒ කරලා චෝදනා හැදුවේ මෙයා තමයි. ඒ හින්දා එයා නිලධාරීන්, ජෙනරාල්ලා 25 දෙනකුට වඩා උඩට ගෙනල්ලා කෙළින්ම හමුදාවේ දෙවෙනියා කළා. එහෙම කරලා තමයි එයා හමුදාපති කළේ.“ යැයිද සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

හිටපු හමුදාපතිවරයකු වන ජෙනරාල් දයාරත්නායක මහතා සජබට එක්කරගෙන එහි රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස පත්වීමක් ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළේය.

දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට බඳවා ගැනීම අනුමත කළ නොහැකි බව ද සරත් ෆොන්සේකා මහතා එහිදී පැවසීය. ඔහුගෙන් විවිධ හිංසාවලට ලක්වූ සමගි ජන බලවේගයට හිතැති හමුදා සාමාජිකයන් විශාල පිරිසක් සිටින බව ද මෙහිදී සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධව තමාට තිබෙන විවේචන පක්ෂ නායකයන්ට දන්වා ඇති බව ද කී සරත් ෆොන්සේකා මහතා පක්ෂයකට ප්‍රතිපත්තියක් තිබිය යුතු යැයිද සඳහන් කළේය.

එවැනි පුද්ගලයකු සමඟ ඉදිරියේදී වැඩ කරන්නේ කෙසේද කියන ගැටලුව තිබෙන බව ද සඳහන් කළ සරත් ෆොන්සේකා මහතා දයා රත්නායක මහතා තම පක්ෂයට ගාවාගත යුතු පුද්ගලයකු නොවන බව ද පැවසීය. තමා සිටිනා තැනකට දයා රත්නායක මහතා පැමිණීම ඔහුට මොලේ අමාරුවක් තිබෙන බව පැවසිය හැකි යැයිද සරත් ෆොන්සේකා මහතා කීය. සමගි ජන බලවේගය තමන් ඇතුළු පිරිසක් ඉතා අමාරුවෙන් ගොඩනඟපු පක්ෂයක් යැයිද ඔහු මෙහිදී සඳහන් කළේය.

ඡායාරූපය – රුක්මාල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT