Home » මහත්මා ගාන්ධි 76 වැනි ගුණ සමරුව – යාපනයේදී

මහත්මා ගාන්ධි 76 වැනි ගුණ සමරුව – යාපනයේදී

by sachintha
February 1, 2024 1:17 am 0 comment

මහත්මා ගාන්ධිතුමාගේ 76 වැනි ගුණ සමරුව යාපනය නගරයේ පිහිටි මහත්මා ගාන්ධි පිළිරුව ඉදිරියේදී පෙරේදා (30) සමරනු ලැබීය.

යාපනයේ ගාන්ධි පදනමේ මූලිකත්වයෙන් යාපනය මහනගර සභාව, යාපනයේ දේශපාලනඥයන් හා යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් මෙම අවස්ථාව සංවිධාන කරනු ලැබ තිබිණ.

මහත්මා ගාන්ධිතුමාගේ 76 වැනි ගුණසමරුව නිමිත්තෙන් යාපනයේ පාසල් සිසුන් අතර කථික රචනා හා චිත්‍ර තරග වයස් කාණ්ඩ හතරක් ඔස්සේ පවත්වන ලද අතර, ඉන් ජය ලැබූවන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමද ගාන්ධිතුමාගේ ගුණ සමරු දිනයේදී සිදු කෙරිණි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT