Home » තෙවන චාර්ල්ස් රජුට පිළිකාවක්

තෙවන චාර්ල්ස් රජුට පිළිකාවක්

by yasara
February 6, 2024 9:05 am 0 comment

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි.

එම පිළිකා කුමක්දැයි අනාවරණය වී නොමැත. නමුත් රජු මෑතකදී පුරස්ති ග්‍රන්ථිය ආශ්‍රිත රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලැබීමේදී මෙම පිළිකා තත්ත්වය තහවුරු කරගෙන ඇති බව වාර්තා වේ.

රජු සිය රෝගී තත්ත්වයට ඊයේ සිට “නිත්‍ය ප්‍රතිකාර” ආරම්භ කළ අතර ප්‍රතිකාර අතරතුර මහජන රාජකාරි කල් දමන බව බකිංහැම් මාළිගය පවසයි.

75 හැවිරිදි රජු, “ඔහුගේ ප්‍රතිකාර පිළිබඳව සම්පූර්ණයෙන්ම ධනාත්මකව සිටින අතර හැකි ඉක්මනින් සම්පූර්ණ රාජ්‍ය රාජකාරියට ආපසු යාමට බලාපොරොත්තු වේ,” යනුවෙන් මාළිගය නිකුත්කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

චාර්ල්ස් රජු වේල්ස් කුමරුව සිටියදී පිළිකා සම්බන්ධ පුණ්‍යායතන රැසක අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කර ඇති බැවින් තම පිළිකා ප්‍රතිකාරය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තීරණය කළ බව බකිංහැම් මාළිගය නිකුත්කල නිවේදනයේ දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT