405
අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඊයේ (05) සවස් කාලයේදී එම ඝාතනය සිදුව තිබුණේ, සූරියවැව පොලිස් වසමේ පොල්පහ ප්‍රදේශයේ නිවසකදීය.
එලෙස මියගොස් ඇත්තේ, බැද්දේවැව බටහිර, සූරියවැව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.