Home » ගෙවුණු පැය 24 ට යුක්තියට 733 ක් කොටුවෙයි

ගෙවුණු පැය 24 ට යුක්තියට 733 ක් කොටුවෙයි

by yasara
February 6, 2024 10:14 am 0 comment

යුක්තිය මෙහෙයුමෙන් ගත වූ  පැය 24කදී සැකකරුවන් 733 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි

ඉන් 589 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් වෙයි

දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 733 දෙනා අතර අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 144 දෙනෙකුද සිටින බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටි සිව් දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කෙරුණු අතර සැකකරුවන් 5 දෙනෙකු රදවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි

මෙම මෙහෙයුම්වලදී හෙරොයින් ග්‍රෑම් 130ක්,  අයිස් ග්‍රෑම් 159ක්,  ගංජා කිලෝ ග්‍රෑම් 1725 ග්‍රෑම් 900ක්,  මාවා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 525ක් ද අත්අඩංගුවට ගෙන ඇත

යුක්තිය මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සදහන් කරයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT