Saturday, May 17, 2025
Home » මුළු දිවයිනටම සාම විනිසුරු පදවි ලබයි

මුළු දිවයිනටම සාම විනිසුරු පදවි ලබයි

by sachintha
February 6, 2024 12:21 am 0 comment

වරකාපොළ මායින්නොළුව උඩහවත්ත අංක B/107හි පදිංචි ධර්මාචාර්ය හේමමාලා ඩයස් පතිනායක මහත්මිය මුළු දිවයිනටම සමාදාන විනිශ්චයකාරවරියක ලෙස වරකාපොළ දිසා අධිකරණයේදී දිසා විනිසුරු එන්. ඩබ්ලිව්. ප්‍රබුද්ධිකා ලංකාංගනී මහත්මිය ඉදිරියේ දිවුරුම් දුන්නාය. ඒ ඇයගේ අවුරුදු 36ක දහම් පාසල් සේවය අගයමිනි. බද්දේගම ගනේගම දුටුගැමුණු රජමහා විහාරස්ථ සුගතපාල දහම් පාසලේ ආචාර්යවරියක ලෙස අවුරුදු 15ක් පමණ සේවය කර කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් මායින්නොළුව නාගරුක්ඛාරාම විහාරස්ථ ශ්‍රී රතනසාර දහම් පාසලේ අවුරුදු 22කට ආසන්න කාලයක් ආචාර්යවරියක ලෙස ඇය සේවයේ නියුතුව ඇත. කාර්මික අධ්‍යාපන පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ වරකාපොළ කාර්මික විද්‍යාලයේ සේවයේ නියුතුව ඇති අතර, ඇය ප්‍රජා සමිති සමාගම් කීපයක ක්‍රියාකාරී නිලතල දරමින් සමාජයට අතිමහත් සේවයක් ඉටු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT