Home » බුද්ධි තොරතුරෙන් කොටු වූ යාල රක්ෂිතයේ ගංජා වගාව

බුද්ධි තොරතුරෙන් කොටු වූ යාල රක්ෂිතයේ ගංජා වගාව

by yasara
February 6, 2024 12:23 pm 0 comment

මොණරාගල, යාල රක්ෂිතයේ කුබුක්කන් ඔය අසල දිගු කාලීනව පවත්වාගෙන යනු ලැබු ගංජා වගාවක් හමුදා බුද්ධි තොරතුරු මගින් වැටලීමට සමත්ව ඇත.

ඒ යුධ හමුදා බුද්ධි අංශය හා මොණරාගල කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් සමග ඒකාබද්ධව පසුගිය පෙබරවාරී 04 වනදා සිදු කරන ලද වැටලීමකදීය.

මෙම වැටලීමේදී කප්පාදු කිරීමට සුදානම්ව තිබු ගංජා පැල 16800 ක්‌ හා විකිණීමට සුදානම්ව තිබු වියලි ගංජා කිලෝ ග්‍රෑම් 1658.40ක්, මෙරට නිෂ්පාදිත කොටන තුවක්කු දෙකක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර යුද්ධ හමුදා බුද්ධි තොරතුරු මත කතරගම ප්‍රදේශයේ අක්කර භාගයක ප්‍රදේශයක වගා කර තිබු තවත් ගංජා පැළ 7000ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත.

මෙහි වැඩිදුර පරීක්‍ෂණ කටයුතු කතරගම පොලිසිය විසින් සිදු කරනු ලබයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT