Home » ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයෙන් කියවීමේ උළෙලක්

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයෙන් කියවීමේ උළෙලක්

by sachintha
February 6, 2024 1:59 am 0 comment

පාසල් දරුවන් තුළ පොත්පත් කියවීමේ පුරුද්ද වර්ධනය කිරීම උදෙසා බදුල්ල ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මඟින් සංවිධානය කරන ලද ‘කියවීමේ උලෙළක්’ (Reading Festival) අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පොත්පත් කියවීම වඩාත් ප්‍රියජනක කාර්යයක් වීම පිණිස ක්‍රීඩා ඉසව් ආකාරයේ විවිධ ක්‍රියාකාරකම් සහිතව පොත් පරිශීලනය කිරීම මෙහි විශේෂත්වය විය. පුස්තකාල ඉතිහාසය, පුස්තකාල වර්ග, පොතක කොටස්, සිතියම් කියවීම වැනි අංග රැසක් ද මෙහිදී දරුවන්ට හුරු කෙරුණු අතර, පොතක කරුණු මතක තබා ගැනීම උදෙසා ගීතයෙන් ගීතය, රූපයක කොටස් ගැළපීම වැනි විවිධ ක්‍රියාකාරකම් නිර්මාණය කොට තිබිණ.

මෙවන් කියවීමේ උලෙළක් සංවිධානය කෙරුණේ ලංකාවේ ප්‍රථම වරට බව සඳහන් වන අතර, මෙම ක්‍රමවේදය පාසල් මට්ටමින් ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ අසිත සඳරුවන් ජයසූරිය, ඌව පළාත් පුස්තකාලයේ පුස්තකාලයාධිපති ආර්.එම්. නිලන්ත කුමාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් එම කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් වැඩසටහන සංවිධානය කොට තිබිණි.

හාලිඇල සමූහ- ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT