Tuesday, May 13, 2025
Home » 19 තරුණිය අත්අඩංගුවට
නයිට් ක්ලබ් වෙඩි තැබීමට

19 තරුණිය අත්අඩංගුවට

by sachintha
February 6, 2024 2:29 am 0 comment

 

කිරිබත්ගොඩ පොලිස් වසමේ ගාල හංදියේ පිහිටි රස්පුටින් රාත්‍රි සමාජ ශාලාවේ 2023.12.18 වන දින වෙඩි තැබීමේ සිද්ධියට අදාළව එම සමාජ ශාලාවේ සේවය කළ 19 හැවිරිදි කාන්තාවක කිරිබත්ගොඩ පොලීසිය මඟින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 160, ගෝනහේන වත්ත, කෙහෙල්බැද්දර, උඩුගම්පල ලිපිනයේ පදිංචි සියඹලාපිටිය ආරච්චිලාගේ සෙව්වන්දිකා කුමාරි නැමැත්තියකි.

ඇය අයුතු ජනරාශියක සාමාජිකයකු වී කිරිබත්ගොඩ කැලැරියොන් ⁣රාත්‍රි සමාජ ශාලා පරිශ්‍රය තුළ වෙඩි තබා බිය ගැන්වීමට අනුබල දීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාර කාන්තාව සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු කිරිබත්ගොඩ පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබන අතර සැකකාර කාන්තාව අද (06) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කැලණිය කේ. එස්. හැන්නදි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT