Home » ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවේ ලෝකඩ පදක්කම විරේන්ට

ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවේ ලෝකඩ පදක්කම විරේන්ට

by yasara
February 6, 2024 10:48 am 0 comment

ඉරානයේ පැවති 32 වන ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ විරේන් නෙත්තසිංහ , එම තරගාවලියේ විවෘත කේවළ අංශයෙන් ලෝකඩ පදක්කම දිනා ගෙන ඊයේ  (05) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම තරගාවලිය ඉකුත් ජනවාරි මස 30 දින සිට පෙබරවාරි මස 04 වැනි දා දක්වා රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

විරේන් නෙත්තසිංහ කටුනායක ගුවන් තොටුපොළෙන් ඊළඟට පිටත්ව ගියේ මේ දිනවල ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පවත්වන ජාත්‍යන්තර අභියෝග්‍යතා බැඩ්මින්ටන් ශූරතා තරගාවලි දෙකට සහභාගී වීම සදහාය .

මෙම තරගාවලි සදහා සහභාගී වීමට ජාත්‍යන්තර බැඩ්මින්ටන් ක්‍රීඩකයින් 550 කට අධික පිරිසක් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ  ගාල්ලට පැමිණෙමින් සිටිති .

විරේන් නෙත්තසිංහ මීළඟට උගන්ඩාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට සහ පෝලන්තයේ සහ නෙදර්ලන්තයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි වලට සහභාගී වීම සදහා මේ මස අග දී පිටත්ව යාමට නියමිතය .

ඊට අමතරව චීනයේ පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලිය සදහා ද සහභාගී වීමට අපේක්ෂා කරන විරේන් එළඹෙන අප්‍රියෙල් මස අවසාන වනවිට ලෝක ශ්‍රේණි ගත කිරීම් වල තවදුරටත් ඉහළ ස්ථානයකට පැමිණ ඔලිම්පික් තරගාවලිය සදහා සහභාගී වීමට සුදුසුකම් සපුරා ලීමට අපේක්ෂා කරමින් සිටින බව පැවසීය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT