Home » කෙහෙළිය පාර්ලිමේන්තුවට යන්න ​බැහැ කියයි

කෙහෙළිය පාර්ලිමේන්තුවට යන්න ​බැහැ කියයි

by chanaka
February 7, 2024 8:45 am 0 comment

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට අද(07) සහභාගී කරවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවසර ලබාදී තිබේ.

මේ අනුව වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.

කෙසේ වෙතත් අද (07) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීමට කෙහෙළිය රඹුක්වැල්ල මහතා අකමැත්ත ප්‍රකාශ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 02 දා පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබූ අතර මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් මෙම 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT