Home » චිලී රාජ්‍යයේ හිටපු ජනපති ගුවන් අනතුරකින් මරුට

චිලී රාජ්‍යයේ හිටපු ජනපති ගුවන් අනතුරකින් මරුට

by chanaka
February 7, 2024 11:10 am 0 comment

චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇත.

දකුණු චිලීයේ ග්‍රාමීය නගරයක්වන ලාගෝ රැන්කෝ හී දී හෙලිකොප්ටරය වැවකට කඩා වැටීමෙන් මෙලෙස හිටපු ජනාධිපතිවරයා මිය ගොස් තිබේ. 74 හැවිරිදි පිනේරා සහ තවත් තිදෙනෙකු රැගත් හෙලිකොප්ටරය මෙලෙස අනතුරට ලක්ව තිබුණි.

මෙම අනතුරින් හිටපු ජනාධිපතිවරයා මිය ගිය අතර අනෙක් තිදෙනාව ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් බේරාගැනීමට සමත්ව ඇත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරොලිනා ටෝහා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ සිරුර ලාගෝ රැන්කෝ නගරයට ආසන්න වැවේ තිබී සොයා ගත් බවයි.

මේ අතර චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

2010 සහ 2022 අතර අඛණ්ඩව වාර දෙකක් ජනාධිපති ලෙස කටයුතු කළ සෙබස්තියන් පිනේරා ෙවෙනුවෙන් ලබන සිකුරාදා රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වේ.

දින 69ක් තිස්සේ ඇටකාමා හි පතලක සිරවී සිටි පතල්කරුවන් 33 දෙනෙක් නිරුපද්‍රිතව මුදාගැනීමත් සමඟ ඔහු එවක ජාත්‍යන්තරයේ අවධානයටත් ලක්වුණි.  එමෙන්ම පිනේරා සැලකෙන්නේ චිලී හි සිටින ධනවත්ම මිනිසකු ද ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT