බීමතින් පෞද්ගලික බස් රථයක මගින් ප්‍රවාහනය කරමින් සිටි රියදුරෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අහෝසි කොට රුපියල් විසි හත් දහස් පන්සියක දඩයක් නියම කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා ඊයේ (06) දා නියෝග කළේය.
බලන්ගොඩ රත්මලවින්න දික්පිටිය අංක 284 / 22 හි පදිංචි රාමුනි අප්පු සමන්ත උදය කුමාර නමැති (54) හැවිරිදි පුද්ගලයකුට මෙසේ දඩ නියම විය.
බොරලැස්ගමුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතා කිසියම් රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී කැස්බෑව පිටකොටුව 120 බස් මාර්ගයේ මගීන් මගීන් ප්‍රවාහනය කරන බස් රථයක් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර වන පරිදි නවතා මගීන් නන්වා ගනිමින් සිටිනු දැක තිබේ.
.
ඒ අනුව ස්ථානාධිපතිවරයා වහා ක්‍රියාත්මක වී බස් රථය මාර්ගයෙන් ඉවතට ගෙන එහි රියදුරු කැදවා ප්‍රශ්න කිරීමේදී ඔහු බීමතින් සිටින බවට වූ සැකය මත මගීන් වෙනත් බස් රථයකින් පිටත් කර යවා රියදුරු (ඇල්කොලයිසර්) හෙවත් ශ්වසන නාල පරීක්ෂාවකට ලක් කිරීමේදී බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 27,500 දඩයක් නියම කොට ජීවිතාන්තය දක්වා රියදුරු බලපත්‍රය අත්හිටුවීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා නියෝග කළේය.