Tuesday, May 6, 2025
Home » මාතර වෙරළ පිරිසිදු කරන සිසු දරුවෝ

මාතර වෙරළ පිරිසිදු කරන සිසු දරුවෝ

by yasara
February 7, 2024 11:18 am 0 comment

මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ළමා සමාජ දරු දැරියන්ගෙන් සැදුම්ලත් මාතර දිස්ත්‍රික් ළමා සභාව මගින් මාතර වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි

මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සද්කාර්යය වැඩසටහන ආරම්භ කෙරිණි

මාතර තානායම ආසන්නයේ සිට බ්‍රවුන්ස්හිල් දක්වා වෙරළ තීරයේ තිබූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළු කසල ඉවත් කරමින් පිරිසිදු කිරීමේ කටයුතු වල සිසු දරුවන් නිරත විය.

මාතර බෝධි ආරක්ෂක සභාව මගින් මේ සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වූ අතර මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යංශය, මාතර මහා නගර සභාව හා මාතර දිස්ත්‍රික්කයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ ද සහාය මේ සඳහා සහාය ලැබිණි

මාතර දිස්ත්‍රික් ළමා සභාවේ දරු දැරියන් හා මාතර දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී විසින් වැඩසටහන සංවිධානය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT