Home » කන්දෙ විහාර නාහිමිගේ ශිෂ්‍යත්ව වැඩසටහනින් දුෂ්කර පාසල් දරුවන්ට අධ්‍යාපනික උපකරණ

කන්දෙ විහාර නාහිමිගේ ශිෂ්‍යත්ව වැඩසටහනින් දුෂ්කර පාසල් දරුවන්ට අධ්‍යාපනික උපකරණ

by sachintha
February 7, 2024 3:17 am 0 comment

අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත සහ අපවත් වී වදාළ පරිවේනාධිපති යටදොළවත්තේ අරියවංශ යන හිමිවරුන්ගේ අදහසක් මත වසර කිහිපයකට පෙර ක්‍රියාත්මක වූ ,දුෂ්කර පාසල් දරුවන් නගා සිටුවීමේ අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන,, මගින් එම අරමුදල් යොදවා වත්මන් පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත දාපනෙ මහින්ද හිමියන් විසින් දරිද්‍රතාවෙන් පෙළෙන පාසලක් වූ මතුගම උඩුගම කනිෂ්ඨ විද්‍යාලයේ එක වසරේ සිට දහය වසර දක්වා ඉගෙනුම ලබන සිසු දරු දැරියන් සිය දෙනෙකු වෙනුවෙන් අභ්‍යාස පොත් පත් පෑන් පෙන්සල් ඇතුළු අධ්‍යාපනික උපකරණ ලබාදීමේ සත්කාරයක් එම පාසලේදී සිදු කළහ.

ඓතිහාසික කන්දෙ විහාර ක්ෂේත්‍රාරාම පිරිවෙනේ වත්මන් පරිවේණාධිපති රාජකීය පණ්ඩිත දාපනෙ මහින්ද හිමියන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ අපවත් වී වදාළ ගුරුදේවෝත්තමයාණන් වහන්සේලා දෙනම සිහිකර මෙම කටයුත්ත දරිද්‍රතාවෙන් පෙළෙන දරුවන් ඉගෙන ගන්නා පාසලක වසරකට අවස්ථා කිහිපයකදී සිදු කරන බවත් කන්දෙ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමියන් ක්‍රියාවට නැංවූ මෙම මහඟු සත්කාරය උන්වහන්සේලාට පින් පමුණුවාලමින් සිදුකරන බවයි. අවස්ථාවට උඩුගම කනිෂ්ඨ විද්‍යාලයේ ධර්මාචාර්ය ඕමත්තේ නන්දන හිමි විදුහල්පති ඩබ්ලිව් .කේ.එස්. රෝහණ මහතා ඇතුළු ගුරු බව තුන් සිසු දරු දැරියන් එක්විය.

 

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT