Monday, May 5, 2025
Home » දුෂ්කරතා මැද ඉගෙන ගෙන වෛද්‍ය පීඨයට තේරුණු දියණියකට දකුණු පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්ගෙන් Tab පරිගණකයක්

දුෂ්කරතා මැද ඉගෙන ගෙන වෛද්‍ය පීඨයට තේරුණු දියණියකට දකුණු පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්ගෙන් Tab පරිගණකයක්

by sachintha
February 7, 2024 3:19 am 0 comment

 

මෙවර වෛද්‍ය පීඨයට තේරී පත්ව සිටින දැඩි ආර්ථික අපහසුතා මැද, ඉ‍ෙගනුම ලබන දියණියක් ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ටැබ් පරිගණකයක් අවශ්‍ය බව දක්වමින් ග්‍රාම නිලධාරිවරයා සමඟ පැමිණ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් වීණා රසංජනී මෙනෙවිය වෙත ලිපියක් ඉදිරිපත් කරනු ලැබීය.

ඇය පවත්නා ආර්ථික තත්ත්වය හමුවේ එවන් උපකාරයක් ලබා ගැනීම අසීරු බව පැහැදිලි කරමින්, කුමන හෝ උපකාරයක් කිරීමේ අරමුණෙන් එම ලිපිය භාර ගත් අතර, පසු දින උදෑසන එම ලිපිය ඇගේ සත් සරණ සමාජ සත්කාර මුහුණු පොතේ පළ කළේ තරමක චකිතයකින් යුතුවය.

නමුත්, විනාඩි කිහිපයක් ඇතුළත කිහිප දෙනෙක් ඒ පිළිබඳ තොරතුරු විමසූ අතර, දකුණු පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම් විදුර කාරියවසම් මහතා ඒ මොහොතේම ඒ දියණියට Tab පරිගණකයක් ලබා දීමට එකඟත්වය පළ කරනු ලැබීය.

මෙවන් කාලයකදී, තවත් දරුවෙකුට උදව් උපකාර කරන්න කැමති, සැබෑ මිනිසුන් තවමත් අප අතර සිටීම පිළිබඳ ඇත්තේ වචනයෙන් කිව නොහැකි තරමේ සතුටකි.

විදුර මහතා එම දියණිය වෙනුවෙන්, රු.133,500ක් වටිනා tab පරිගණකයක් මිලදී ගෙන 01/31 දින එම දියණියට පරිත්‍යාග කරන ලදි.

නිරෝධ්‍යා සඳමිණි රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT