Home » සටන් විරාමයකට හමාස් ප්‍රතිචාර

සටන් විරාමයකට හමාස් ප්‍රතිචාර

by chanaka
February 7, 2024 5:03 pm 0 comment

ගාසා සටන් විරාමයක් සඳහා වූ යෝජනාවකට හමාස් සංවිධානය විසින් ප්‍රතිචාර දක්වා ඇත.

ඊශ්‍රායලය, එක්සත් ජනපදය, කටාර් සහ ඊජිප්තුව එක්ව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් එහි තොරතුරු කිසිවක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතැයී බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

පලස්තීන සිරකරුවන් සඳහා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව සඳහා සති 06ක සටන් විරාමයක් මේ අනුව ක්‍රියාත්මක වනු ඇති බව සදහන් වේ.

තම යෝජනාවට හමාස් සංවිධානය දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව සමාලෝචනය කරමින් ඇතැයි ඊශ්‍රායලය හා එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබේ.

2023 වසරේ ඔක්තොබර් 07වැනිදා හමාස් සංවිධානය, දකුණු ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයකින් පසු ගාසා තීරයේ යුධ ගැටුම් ආරම්භ විය. මේවන විට ගාසා ගැටුම්වලන් මිය ගිය සංඛ්‍යාව 28,000කට අධික වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x