හොරණ, ගල්කඩුව, අම්බාගල මිණිමුතු සමඟි ළමා සමාජයේ දරු දැරියන්ගේ දක්ෂතා එළි දැක්වීමේ අවස්ථාවක් පසුගියදා (04) ගල්කඩුව මිණිමුතු ජනහල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණ.
දරුවන්ගේ නර්තන, ගායන, නිවේදන හැකියාවන් ඔප් නංවා ගැනීමට විශාල පිටිවහලක් වූ මෙම ප්‍රසංගය හොරණ ප්‍රාදේශීය ලේකම් කේ. ඩී. එස්. සජිවනා මහත්මියගේ මඟ පෙන්වීම යටතේ සිදු කෙරුණු අතර ළමා චිත්‍රපටියක් ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කෙරිණ.
මෙම අවස්ථාවට හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී කේ. ලක්ෂිකා නදිශානී, සංස්කෘතික නිලධාරී ජනිත් සමරවික්‍රම, ග්‍රාමීය සංවර්ධන නිලධාරී එම්. ඩී. නිසංසලා කල්පනි, උපදේශන නිලධාරී ශ්‍යාමලී ජයතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
හල්තොට සමූහ – විනිතා මානෙල් ගමගේ