Home » සිංහ පුතුන්ට ලකුණු 42 ක ජයක්

සිංහ පුතුන්ට ලකුණු 42 ක ජයක්

by yasara
February 9, 2024 11:01 pm 0 comment

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (09) පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළහ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 381ක් රැස් කළේ ය.

එහි දී පැතුම් නිස්සංක වාර්තා කළ ද්විත්ව ශතකය වාර්තා අතරට එක් වුණේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක වාර්තා වූ පළමු ද්විත්ව ශතකය ලෙසයි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ මොහොමඩ් නබී පන්දු 136කින් ලකුණු 130ක් රැස් කළේ ය.

ඔහුට අනගි සහායක් ලබා දුන් අස්මතුල්ලා ඔමාසායි ද ඇෆ්ගනිතානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 149ක් රැස් කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT