Home » ඇහැළියගොඩ පතලකින් වසර මිලියන ගණනක් ඉපැරණි පිරිසිදු ජල බුබුළක් සහිත අනර්ඝ පළිඟුවක්

ඇහැළියගොඩ පතලකින් වසර මිලියන ගණනක් ඉපැරණි පිරිසිදු ජල බුබුළක් සහිත අනර්ඝ පළිඟුවක්

by manjula
February 10, 2024 1:00 am 0 comment

වසර මිලියන ගණනක් ඉපැරණි, කාර්මිකකරණයෙන් අපවිත්‍ර නොවූ පිරිසිදු ජල බුබුළක් සහිත, පළිඟුවක් ඇහැළියගොඩ පතලකින් හමු වී තිබේ. ස්වාභාවිකවම චූඩාමාණික්‍යයක හැඩය ගන්නා මේ පළිඟුව කැරට් 110,000ක් තරම් වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ගණන් බලා ඇත.

ශ්‍රී ලංකා භූමියේ පෞරාණික පිහිටීම පිළිබඳව මේ පළිඟුව පරීක්ෂණයකට භාජනය කිරීමෙන් කරුණු සොයාගත හැකි බවත්, මෙරට ඉතිහාසය පිළිබඳ වැළලී ඇති අතීත තොරතුරු ඉන් අනාවරණය කරගැනීමට හැකි බවත් මෙහි හිමිකරු සඳහන් කරයි.

ඇතුළත දිය බුබුළක් සහිත Enhydro ස්ඵටික සෞඛ්‍ය සම්පන්න බව වැඩිදියුණු කිරීම සඳහා මිල දී ගැනීමට අතීතයේ පටන් ධනවතුන් කටයුතු කර තිබේ. බොහෝ විට මේවා මිල දී ගෙන තනි තනි පුද්ගලයන් වශයෙන් පාවිච්චි නොකර, විශාල පිරිසකගේ නෙත ගැටෙන කෞතුකාගාරයක හෝ පෞරාණික වස්තු ප්‍රදර්ශන භූමියක රඳවා තැබීමට මේවාට ළැදි පිරිස් කටයුතු කරනු දක්නට ලැබේ.

මිනිස් සිරුරට ප්‍රයෝජනවත් වන කිරණ මේ පළිඟුව පරාවර්තනය, විස්තාරණය, අවධානය, ශක්තිය සම්ප්‍රේෂණය සිදු කරන බවත් ලෙඩ රෝග සුව කිරීම සහ ශරීර මානසික සුවතාව ඇති කරගැනීම සඳහා චිත්තවේගී සහ මානසික යහපැවැත්ම සඳහා මෙම පළිඟුව දෙස බලා සිටීමෙන් වුවද යහපතක් සිදු වන බව පැරැණියන්ගේ විශ්වාසයයි. ඒ අනුව රටක සමාජයක සමෘද්ධිය, ආදරය සහ සෞඛයය නංවාලීම සඳහා පොදු ස්ථානයක මහජනතාවගේ දැක ගැනීම සඳහා ප්‍රදර්ශනය කිරීමට සුදුසුම පළිඟුව ලෙස මෙය හැදින්වේ.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT