නව ප්‍රවේශයන් සහිත පරිපූර්ණ සන්නිවේදන ගමනක් සඳහා සමාගමේ නොසැලෙන කැපවීම විදහා පාමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, සිය නිල වෙබ් අඩවිය වන dialog.lk, තවත් ප්‍රශස්ත ලෙසින් වැඩිදියුණු කර ඇත්තේ, ආබාධ සහිත පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිද්දෙන් හා වඩාත් පරිශීලක හිතකාමී ස්වරූපයෙනි.
මෙමඟින්, වෙබ් අඩවිය වෙත පුළුල් පාරිභෝගික ප්‍රවේශයක් මෙන්ම පරිපූර්ණ ඩිජිටල් ගමනකට ප්‍රවිශ්ට වීමේ අභිලාෂය සාක්ෂාත් කරමින්, වර්ණ අන්ධභාවය ඇතුළු පෙනීමේ දුර්වලතා, ස්නායු දුර්වල වීමෙන් ඇතිවන විවිධ ආබාධ, සංජානන හා සංවර්ධන අභියෝගවලින් පීඩා විඳින්නන්, අවධානය අඩු හා අධික්‍රියාකාරිත්වය (ADHD), මෙන්ම අපස්මාරය වැනි රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් dialog.lk වෙබ් අඩවිය වෙත සාදරයෙන් කැඳවමින් ඔවුනට පහසු ප්‍රවේශය සලසා තිබේ. එවැනි ඩයලොග් පාරිභෝගිකයින් වෙනුවෙන් තිර කියවන (screen reader compatibility) වර්ණ පටිපාටි (colour schemes), ඡායාරූප හා වීඩියෝ සඳහා අකුරෙන් වන විස්තර කිරීම් ඇතුළත් අතර, පැහැදිලි හා සරල භාෂාවෙන් ඉදිරිපත් කෙරේ.
සමාගමේ සියලුම ඩිජිටල් සන්නිවේදන ප්‍රවේශයන් ප්‍රතිසංස්කරණයන්ට බඳුන් කිරීමේ ක්‍රියාදාමයක පළමු පියවර මෙය වෙයි. එමඟින් ඩයලොග්හි අපේක්ෂාව වන්නේ, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 9 සාක්ෂාත් කරගැනීමත්, ඩිජිටල් යටිතල පහසුකම් සකස් කිරීමත්, පුළුල් හා තිරසර කාර්මිකකරණය ව්‍යාප්ත කිරීම මෙන්ම, නවෝත්පාදන නැංවීමත් වේ. ඒ අනුව, සිය වෙබ් අඩවිය තුළින් ආබාධ සහිත පුද්ගලයන්ට මෙලෙස සිය සේවාවන් සඳහා පහසු ප්‍රවේශයක් ඩයලොග් විසින් සහතික කර තිබේ.