Home » SLT-MOBITEL ‘සිහිනයකි ආදරේ’ සබැඳියාව නව මුහුණුවරකට

SLT-MOBITEL ‘සිහිනයකි ආදරේ’ සබැඳියාව නව මුහුණුවරකට

by manjula
February 10, 2024 12:30 am 0 comment

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ‘සිහිනයකි ආදරේ’ චිත්‍රපටය බලගැන්වීමට ඉදිරිපත් ව සිටී. ‘සිහිනයකි ආදරේ’ යනු පරපුරෙන් පරපුරට විහිද යන මානුෂීය සබැඳියා, ආදරය, කරුණාව හා දයාව රිදී තිරය තුළ ප්‍රතිනිර්මාණය කරන සුවිශේෂී නිර්මාණයකි.

මීට ‘පෙරිප්‍රවේගය, සහිමායා’ වැනි විශිෂ්ට චිත්‍රපට නිෂ්පාදනය කළ ප්‍රවීණ නිෂ්පාදකවරයෙකු වන ආර්. සදේශ් කුමාර්, ශ්‍රීමති සදේශ් කුමාර් සමඟ එක්ව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබේ. එහි අධ්‍යක්ෂණය ප්‍රමුඛ පෙළේ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන එස්. සරෝව් විසින් සිදු කර ඇති අතර, සම-අධ්‍යක්ෂණය තවත් දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වන ඩොනල්ඩ් ජයන්තගෙනි. ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් හේමාල් රණසිංහ, පූජා උමාශංකර්, ශේෂාද්‍රි ප්‍රියසාද්, ලකී ඩයස් සහ දමිතා අබේරත්න ඇතුළු නළු නිළි පිරිසක් මීට සිය විශිෂ්ට රංගනයෙන් දායකත්වය සපයයි.

‘සිහිනයකි ආදරේ‘ සිනමා සිත්තම, ආදරණීයන් හා පවුලේ සාමාජිකයන් අතර ඇතිවන බැඳීම් සහ එහි අරුත මැනවින් නිරූපණය කරයි. ජීවිතයේ අභියෝග හා අසාර්ථකවීම් හමුවේ නව මාවත් විවරණ වන බවත්, ඒ මාවත් තුළින් අපට බලාපොරොත්තුවේ ආලෝකය ළඟාකර ගත හැකි බවත් එය ප්‍රේක්ෂකයන්ට කියා දෙයි.

ජනතාවගේ හදවත්වලට සමීප සන්නාමයක් ලෙසින්, SLT-MOBITEL ශක්තිමත් සම්බන්ධතා සහ යටිතල පහසුකම් ඔස්සේ නිර්මාණශීලී සිතිවිලි යථාර්ථයක් බවට පත්කිරීමට අවශ්‍ය පිටුබලය ලබාදීමට සෑම විටම කැප වී සිටී. පසුගිය කාලය තුළ යම් යම් අභියෝගවලට මුහුණ දුන් දේශීය සිනමා කර්මාන්තය යළි පිබිදෙමින් පවතින මේ මොහොතේ, එය දියුණුව කරා රැගෙන යාමට උරදීම SLT-MOBITEL හි අපේක්ෂාව වී ඇත.

‘සිහිනයකි ආදරේ’ චිත්‍රපටයට දායකවන ප්‍රවීණ හා නවක නළු නිළි කැල, රටේ විවිධ ක්ෂේත්‍ර තුළ තරුණ පරපුරේ දක්ෂතා දිරිගැන්වීම ඉලක්ක කරගත් SLT-MOBITEL දැක්ම සමඟ මැනැවින් සමපාතවන පිරිසකි. ‘සිහිනයකි ආදරේ’ සිනමා සිත්තම ගෙනෙන ආදරයේ බලාපොරොත්තුව සමඟින්, නිර්මාණශීලීත්වය ඔස්‌සේ අර්ථවත් සම්බන්ධතා ඇතිකිරීමට SLT-MOBITEL දිගින් දිගටම දායක වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT