Home » දූෂණ වංචා චෝදනාවලට ලක් වූ නිලධාරීන් ලක්ෂයකට චීන කොමියුනිස්ට් පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග

දූෂණ වංචා චෝදනාවලට ලක් වූ නිලධාරීන් ලක්ෂයකට චීන කොමියුනිස්ට් පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග

by manjula
February 10, 2024 1:00 am 0 comment

දූෂණ වංචා චෝදනාවලට ලක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන් එක්ලක්ෂ දසදහසකට පසුගිය වසරේදී විනය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි චීන දූෂණ විරෝධී ඒකකය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පක්ෂ ක්‍රියාකාරීත්වය සහ පැවැත්ම පිරිසුදු කිරීමේ සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යෑමේ අරමුණින් මේ පියවර ගත් බව ද චීන දූෂණ විරෝධී ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

රාජකාරි නිසි ලෙස ඉටු නොකළ සහ මුදල් ත්‍යාග ලැබූ නිලධාරීන් ලක්ෂයකට වැඩි පිරිසට එරෙහිව චීන කොමියුනිස්ට් පක්ෂය මඟින් විනය පරීක්ෂණ පවත්වා ඇති අතර, එවැනි දූෂණ ක්‍රියාවන්හි නිරතව සිටින සෙසු නිලධාරීන්ට ද අනතුරු ඇඟවීම් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගියදා චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ සංඛ්‍යාලේඛන අනුව එවැනි චෝදනාවලට ලක් වූ නිලධාරීන්ගේ සංඛ්‍යාව 2022 වසරට වඩා 13% කින් ඉහළ ගොස් තිබූ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT