Home » 2030දී ලොව තුන්වැනි ආර්ථිකය කරා යෑමට ඉන්දියාවෙන් ඩොලර් ට්‍රිලියන 5ක නිෂ්පාදන ඉලක්කයක්

2030දී ලොව තුන්වැනි ආර්ථිකය කරා යෑමට ඉන්දියාවෙන් ඩොලර් ට්‍රිලියන 5ක නිෂ්පාදන ඉලක්කයක්

by manjula
February 10, 2024 1:00 am 0 comment

ලොව තුන්වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට බවට පත්වීමේ අරමුණ ඇතිව ඉදිරි වසර 3 ඇතුළත ඩොලර් ට්‍රිලියන 5ක දේශීය දළ නිෂ්පාදන ඉලක්කය සමඟ වසර 2030 දී අමෙරිකානු ඩොලර් බිලියන 5ක ආර්ථික වර්ධනයක් කරා ඉන්දියාව ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා ඉන්දියාවේ මුදල් ඇමැතිනිය නිර්මලා සීතාරාමන් විසින් පාර්ලිමේන්තුවට අතුරු අය වැය ඉදිරිපත් කිරීමට දින දෙකකට පෙර එරට ප්‍රධාන ආර්ථික උපදේශක කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක එය සඳහන් වන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

නරේන්ද්‍ර මෝදි රජය වසර 10ක කාලයක් තිරසර සහ ශක්තිමත් ගමනක නිරතවීම අනුව එරට ආර්ථිකයට මේ ඉලක්කය කරා යා හැකි බව එරට ප්‍රධාන ආර්ථික උපදේශක ආනන්ද නාගේස්වරන් එම වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන බලාපොරොත්තු වූවාට වැඩි ප්‍රගතියක් මේ වන විටත් ඉන්දීය ආර්ථිකය අත්කරගෙන ඇතැයි ද එරට ප්‍රධාන ආර්ථික උපදේශකවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT