Tuesday, May 13, 2025
Home » බිලියන අටේ විසුම්පාය 4කට විකුණන්න හදනවා

බිලියන අටේ විසුම්පාය 4කට විකුණන්න හදනවා

by manjula
February 10, 2024 1:00 am 0 comment

නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිලියන 8ක වටිනාකමක් ඇති ‘විසුම්පාය’ බිලියන 4කට විකිණීමේ සූදානමක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප්‍රකාශ කළේය.

තැරැව්කරුවන් පිරිසක් මේ ජාවාරම පිටුපස සිටින බවත්, මෙවැනි අඩු මුදලකට පහළ වටිනාකමකට විකුණන්නේ ඇයිද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා කීවේය. නාගරික සංවර්ධන අධිකාරියේ තක්සේරුවට පිටින් මේ කටයුත්ත කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් මේ රාජ්‍ය සම්පත් විකිණීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු සඳහන් කළේය.

“නාගරික සංවර්ධන අධිකාරියට අයත් විසුම්පාය ආයෝජනයක් සදහා ලබා දෙන්න සූදානමක් තියෙනවා. ඒකේ තක්සේරුව රුපියල් බිලියන 8ක්. බිලියන 8ක් වටින විසුම්පාය දැන් විකුණන්න හදනවලු බිලියන 4කට. ඒකට ඔබතුමාගේ සම්බන්ධයක් නෑ. වෙනම තැරැව්කරුවන් පිරිසක් වැලුවේෂන් එක නොතකා අඩු මුදලකට විසුම්පාය විකුණන්න හදනවලු. සෙත්සිරිපාය, සුවසිරිපාය, සව්සිරිපාය, ඉසුරුපාය මේ යනාදී රාජ්‍ය ගොඩනැගිලි එදා බිහි වුණේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලය තුළයි. මේවා විකුණන එකෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ” යැයි කීවේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT